Wednesday, August 29, 2012

මම ගැන පොඩ්ඩක්

                               
                   

              මම මේ අලුතින් පටන්ගත්ත විතරයි...තවම වැඩිය මොකුත් දන්නෙ නෑ ඉතින් මේ ඉස්සව්ව ගැන....ඉස්සරහට හොද හොද ලිපි දාන්න තමයි කල්පනාව...මුලින්ම මම ගැන කියන්නම්කො..

           මගේ නම රොහාන් නිලන්ත..එකදාස් නමසිය අනූ දෙකේ තම මං ඉපදුනේ...ඒ කියන්නේ දැන් පට්ට නාකියි...අවුරුදු 91ක් නේ...හා හා පුරා කියලා මං මුලින්ම ගියේ කිරිමැටියාන බෞද්ධ බාලිකාවට...හෑ...ආ මොකක්ද ඒ හරුපෙ..ආ නෑ නෑ මන් යනකොට ඒක මිශ්‍ර පාසලක්..මේ ලගදි තමයි ගර්ල්ස් ඔන්ලි කලේ....එතකොට ඒක කිරිමැටියාන කනිටු විදුහල..ඉතින් ඕකේ නපුරු මිස් කෙනෙක්ට බයවෙලා තමයි අල්ලපු ඉස්කෝලෙට පැන්නෙ..ඒක නමින් ශ්‍රි ධර්මාරම මහා විදුහල..කොහොමින් කොහොමින් හරි අවුරුදු  8ක් උන්නේ එකේ තමයි...2008 පෙදාන සිස්ස නායක පට්ටමත් ගත්තා.....(කරපු බලු වැඩ දන්නව නම් ඉස්කොලෙන් පන්නනවා).....ඕ ලෙවල් කරල යන්තන් ඒලෙවල් කරන්න පුලුවන් වෙන්න පාස් වෙල ගියේ ධම්මිස්සර ජාතික පාසලට..කටු කාල අවුරුදු
2ක් යන්තන් ඒ ලෙවල් පාස් කරගත්තා...ඒත් විස්ස විජ්ජාලෙට යන්න තරම් කරගන්න බැරි උනා...මොකද මගෙ වස කම්මැලිකම ඒකට එක හේතුවක් උනා..දැන් ඉතින් යන්තන් වියදම පියවගන්න ජොබ් එකක් කරගෙන ගෙදරට වෙලා ඉන්නව...හී හී...
            මං ගොඩක්ම සමාජ සේවයට කැමති කෙනෙක්..මොකද මං ගොඩක් දුප්පත් කොල්ලෙක්...ජීවිතේ ගැන ගොඩක් අත්දැකීම් නම් නෑ...ඒ උනාට ජීවිතේ විදවන අය ගැන මගෙ හිතේ තියෙන්නේ පුදුම කලකිරීමක්.,..එක හන්දම මන් ඒ පැත්තට ගොඩක් නැඹුරු උනා...

        ඉතින් දක්ෂතාවයන් කියලනම් විසේස දෙයක් නෑ...කොම්පීටර හාර්ඩ්වෙයාර්,සොෆ්ට්වෙයාර්,නෙට්වෝර්කින් ගැන ටිකක් විතර දන්නවා...ඉතින් තවම බ්ලොග් එකේ වැඩ ඉවරත් නෑ නේ...මේ පෝස්ට් එක දාන්නේ අත්හදා බැලීමක් විදියට...මං ඉතින් 'රොහාන් ගේ දිනපොතින්' බලාපොරොත්තු වෙන්නේ මගේ ජීවිතේ දී උනු විශේෂ සිදුවීම්,විහිලු,දුක,,,ඒ වගේම මරණාසන්න අත්දැකීම.....,,හා හා බයවෙන්න එපා..ඒ වගේම මගේ නිර්මාණ හැම දෙයක්ම ඔයාලට ඉදිරිපත් කරන්නයි...

        ඉතින් අද ඉදන් මට පොඩි තල්ලුවක් දෙන්න...ගිහින් එන්නම් අයේ.....තෙරුවන් සරණයි  !!! . . ....

2 comments:

  1. Ela Ela Duka Hithennawa Surangana Kathawak Ela Ela.:)

    ReplyDelete
  2. Me Mage Adawiya

    http://tharindugeadawiyaa.blogspot.com/

    ReplyDelete

කොමෙන්ටුවට බොහොම ස්තුතියි