Wednesday, July 25, 2012

ටූ හන්ඩ්‍රඩ් රුපීස් සර්

අනේ මන්ද ඉතින්.....   ලියන්න යන්නේ නම් 2 වෙනි පොස්ට් එක...ෆේස්බුක් යාලුවන්ගේ බලවත් ඉල්ලීම හා බවලත් ඉලීම පිට නිකන් ඉන්න බැරි හන්ද ඔන්න ලියන්න පටන් ගත්ත ඕං....


                 ඉතින් කල්පනා කොරං යනකොට මතක් උනා අපේ ගෙවල් ලග ඉන්න මාම කෙනෙක්ට උනු පොඩි වැඩක්...මිනිහ හරිම හොද මනුස්සය...කුනුහරුපයක් නම් මේ වෙනකල් ඇහිල නෑ මට...ඉතින් අංකල් කාරය රස්සාව විදියට කලේ 3වීල් එකක් හයර් කරන එක...3වීල් එකත් එසේ මෙසේ
බඩුවක් නෙමේ...මලකඩ ගොඩයි ඈ.....එකේ හයර් එක යන්න කලින් වේලපහ පිටගැස්මට ඉන්ජෙක්සොන් 3ක් 4ක් වත් ගහගන්න ඕනෑ...කියන්න තේරෙන්නෙ නෑ...බලාගන්න මෙන්න මේ වගේ ඕං....




                        
                ඉතින් මනුස්සයා දවසක් රෑ හොද වැස්ස වෙලාවක ඉන්නවලු යතුරත් කරකව කරකව...මෝහිනීවත් එන්නෙ නැතෑ...වැඩ රාජකාරි ඉවර වෙලා හැන්දෑවෙ කියල හිතනවත් එක්කම ඔන්න එක පාරටම.....
              ඔන්න ඉතින් එනවලු හොද දිග කලිසමක් එහෙම ජැන්ඩි 5 ට ඇදල පොරක්...මිනිහ සුදුම සුදුයි ලු...කොන්ඩෙත් සුදුයි ලු.................. ලූ ඈ....මන් දැක්කෙ නෑ නෙහ්....ඔන්න ඉතින් 3 වීල් අංකල් කාරයත් හොදට බලල අහක් වෙලා කාලෙකට පස්සෙ ජර්මනි කාරයෙක් මොකො මේ රෑ වැස්ස වෙලාවේ...බැලින්නම් මූ සුද්දෙක් ලු....අද කැඩුවහැකි හොද ගානක් කියල හිතාගෙන මෙන්න මෙහෙම කිව්වලු.........
                           සෑර් කමිං ඉන් ද වීල්.....අයි ගි හින් දාන්න් අම් යූ.....
              

                    සුද්ද කතා නෑලු...නැග්ගලු වැස්සෙම....සෑර් වට් ඊස් යුවර් නේම්....?සුද්ද කතා නෑලු...දැන් ඔහොම යනගමන් ලයිට් කනුවක් ලගට අත දික්කරපු සුද්ද අංකල් කාරයගෙ පිටට තට්ටු කලාලු....(එතන නවත්තන්න කියල කිව්වෙ ඈ...)අංකල් කාරය නවත්තල ඉතින් හිනාවක් එහෙම දාල " ටූ හන්ඩ්‍රඩ් රුපීස් සර් කිව්වලු "


                ගත් කටටම සුද්ද " පිස්සු නැතුව මෙන්න මේක තියගන්නව " කියල රුපියල් 100ක් දීල යන්න ගියාලු...


                      පස්සෙලු දැක්කෙ ලයිට් කනුවෙ එලියට ඒ සුදු කබර දාපු කොන්ඩෙ පැහිච්ච වයසක මනුස්සයෙක් කියල.....ඉතින් අහිංසක අංකල් කාරය තනියම එයාටම නෝන්ඩි හිනාවක් දාගෙන පොඩිවෙච්ච රුපියල් 100ත් උඩ සාක්කුවේ දාගෙන පචවෙච්ච පචවිල්ල ගැන හිත හිත අපහු ආවලු...ලැජ්ජ නැතුව පහුවදා අපිටත් කිව්වනෙ...                                                                      


                                                                                                   
      2වෙනි කෙරුවාවත් ඉවරයි..තව හොද කෙරුවාවක් අරන් ආයෙත් එන්නම්කෝ...

No comments:

Post a Comment

කොමෙන්ටුවට බොහොම ස්තුතියි