Sunday, September 2, 2012

මධුර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය



                                  ඇත්තටම කිව්වොත් මම මේ බ්ලොග් එක හැදුවේ පරිගණක පිලිබඳ ගොඩක් ප්‍රාථමික මට්ටමෙන ඉන්න අපෙ යාලුවෝ වෙනුවෙන්..මොකද ගොඩක් අය,ඒ කිව්වෙ අපෙ ගොඩක් යාලුවො ඉන්නව පරිගණක,මෘදුකාංග පිලිබඳ දැනුම අඩු අය...ඉතින් ඔයාල දන්නවනේ...දැන් තියෙන අඩවි වලට ගියාම ඉතින් නොතේරෙන වැල්වටාරම් අනන්තවත්....ඉතාම සංකීර්ණයි.එහෙම උනාම අපෙ යාලුවො ගොඩක් අතරමං වෙනව..

                                          ඉතින් හැමදාමත් මං ඉන්නව ඔයාල වෙනුවෙන් අපේ පොඩි නංගිල මල්ලිලා නොදන්න දේවල්,එතකොට පොඩි පොඩි අපිට එදිනෙදා පරිගණක භාවිතයේදී නිරන්තරයෙන්ම උවමනා වෙන විවිධ මෘදුකාංග ඉතාම පහසුවෙන් ඔයාලට බාගන්න පුලුවන් විදියට සලසල දෙන්න.ඉතිං මං මේ දෙන්න යන්නේ ගොඩක් වැදගත් මෘදුකාංගයක් වෙන මධුර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂයයි.කිව්ව ගමන් ඔයාල දන්නවනේ...බාගන්න ගියාමත් තැන තැන හොයන්න වෙනවනේ...එතකොට ඉතිං කරදරයි...මේ ගැන අලුතෙන්  කියාදෙන්න දෙයක් නෑ නේ...ඉංග්‍රීසි වචනෙ සිංහලෙනුත් සිංහල වචනෙ ඉංග්‍රීසියෙනුත් ඔයාලට පරිවර්තනය කරල දෙන මේ මෘදුකාංගය අපේ පුංචි නංගිල මල්ලිලට ගොඩක් වැදගත්...එයාලට විතරක් නෙමේ..හැමෝටම...

            ඉතිං මේ ලින්ක් එකෙන් ගිහින් බාගන්න.Download now කියන කොලපාට බට්න් එක ඔබන්න....      
 http://download.cnet.com/Madura-English-Sinhala-Dictionary/3000-2279_4-10571464.html

           
    මේ මෘදුකාංගය ඔයාලගෙ පරිගණකයට ස්ථාපනය කරගත්තට පස්සෙ පලමු වර පරිවර්තනයේ දී ඔයාල නොදන්න අකුරු වලින් තේරුම එයි...මෙන්න මේ වගේ-------------------------------------------------->>

 කියන්නේ මධුර font එක ඔයාලගෙ පරිගණකයෙ ස්ථාපනය කරල නෑ කියල.






එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මධුර close කරල ආයෙත් open කරගන්න එකයි...දැන් වචනයක් type කරල බලන්න..




               
                              වැඩේ හරි නේද.. ?

                                                               එහෙනං ඔන්න මං ගියා...
         

No comments:

Post a Comment

කොමෙන්ටුවට බොහොම ස්තුතියි