Thursday, October 4, 2012

ලංකාවේ හැකර්ලට බෑ facebook,email හැක් කරන්න.



       Facebook භාවිතා කරන අපේ කට්ටිය කරන ප්‍රධානම වැරද්ද තමයි Profile එකේ තමන්ගෙ ඊ මේල් ලිපිනය හැමෝටම හෝ තමාගේ මිතුරන්ට හෝ පෙනෙන්නට දැමීම. Facebook Profile එකේ කිසිවිටකත් තමාගෙ ඊ මේල් ලිපිනය කිසිවෙකුටත් පෙනෙන්නට දැමීමෙන් වළකින්න. මක් නිසා ද යත් Facebook ගිණුමට සම්බන්ධ ඊ මේල් ලිපිනය වෙන අයෙකුට පත් වූ විට එම ගිණුම හැක් ඉතා පහසු වන බැවිනි. අනෙක් කාරණය තමයි Facebook Profile එකේ ඊ මේල් ලිපිනය දැමීමෙන් Spam වලට ගොදුරු වීමය.

තමාගේ Facebook ගිණුමෙහි හෝ ඊ මේල් ලිපිනයෙහි මුර පදය වෙන අයෙකුට ලබාදීමෙන් වලකින්න. එසේ ලබා දුන්හොත් හැකි ඉක්මණින් මුර පදය වෙනස් කරන්න.
ඉන්ටනෙට් කැෆේ වලදී තමාගේ Facebook ගිණුම හෝ ඊ මේල් ලිපිනය විවෘත කිරීමෙන් වලකින්න.
සෑම විටම අන්තර්ජාලයෙන් ඉවත්වන විට cookies, saved password ආදිය මකා දමන්න.
Web browser එක තුල මුරපදය save කිරීමෙන් වලකින්න.

කවදාවත් තමාගේ පුද්ගලික පින්තූර Facebook වෙත දැමීමෙන් වලකින්න. වර්ථමානයේ Facebook වෙබ් අඩවියෙන් ලබාගන්නා පින්තූර යොදා ගනිමින් ලංකාවේ පුද්ගලයන් විසින්ම වෙබ් / බ්ලොග් අ‍ඩවි නිර්මාණය කර තිබෙනු දැක්නට ලැබේ.
ඔබගේ මුර පදය අකුරු/ ඉලක්කම් 6 කට වැඩියෙන් නිර්මාණය කරන්න. මුර පදය සදහා “ @ # $ & * ” වැනි ලකුණු යොදා ගන්න. එය අකුරු , ඉලක්කම් කවලම් කර නිර්මාණය කරන්න.
සෑම විටම හොද යාවත්කාලීන කරන ලද වයිරස් ගාඩ් එකක් භාවිතා කරන්න


මේ ලිපිය ලියන්න සිතුනෙත් පසුගිය දවස් කිහිපයක සිදුවූ සිදුවීම් කිහිපයක් හා අහන්නට ලැබුණ දේවල් කිහිපයක් නිසා. ඉන් එකක් තමයි මාගේ මිතුරෙකුගේ facebook, gmail ගිණුම් දෙකම හැක් වී
 . තවත් එකක් තමා තමාට facebook ගිණුම් විවෘත්ත කරන්නට පුළුවන් කියා කියවන පුද්ගලයන්ය. මෙයද වර්ථමානයේ දක්නට ලැබේ. හැක් කරන්න පුළුවන් අයෙකු කිසි විටකත් තමාට හැක් කරන්න පුළුවන් කිය කියා දගලන්නේ නැත. එසේ සිටියොත් සිටින්නේ කිහිප දෙනෙකුය. තමාට facebook ගිණුම් විවෘත්ත කරන්නට පුළුවන් කියා කියවන පුද්ගලයන් බොහෝ විට සිදුකරන්නේ අනෙක් අයට වඩා තමා දන්නවා යැයි කියා හගවන්නටය. ඔබද ඇතැම් විට මෙවැනි සිදුවීම් බොහෝ විට අසා තිබෙන්නට පුළුවන. බොහෝ දෙනා මෙම හැක් කිරීම හා ක්‍රැක් කිරීම මාරු කරගෙන තමාට හැක් කිරීම සිදු කළ හැකි යන්න පවසයි.


එසේම බොහෝ දෙනා තම රාජකාරිය අමතක කර සේවා ස්ථානය තුලදී facebook යාමට පුරුදු වී සිටිති. මෙයට සුදුසුම දේ වන්නේ අයතන තුල සේවකයන්ට අන්තර්ජාලය පරිහරණය කිරීම තහනම් කිරීමය. SLT තුලද සේවකයන්ට අන්තර්ජාලය පරිහරණය කිරීම තහනම් කර ඇති බව සිංහල බ්ලොග් එකක ලියා තිබෙනු දුටුවෙමි. මෙවැන්නක් කළ විට බොහෝ පිරිස් තමාට අන්තර්ජාලය තුලින් ඉගෙන ගන්න තිබුණු අවස්ථාව අහිමි වුනා ආදී දේ පවසමින් මැසිවිලි නගති. නමුත් මා දන්නා තරමින් ලංකාවේ අන්තර්ජාලය තුලින් ඉගෙන ගන්නා අය සිටින්නේ සුළු වශයෙනි . අනෙක් අය හැමොම දගලන්නේ facebook යාමටය.

වැදගත් : මෙම ක්‍රම වලට අමතරව ෆේස්බුක් හැක් කල හැකි ක්‍රම රාශියක් ඇත.




   චැට් එකේදි හෝ ඔබගේ ඊමෙල් ගිනුමට පැමිනෙන ලින්ක් තුලින් විවිද පුද්ගලයන් ලබා දෙන මෘදුකාංග ඉන්ස්ට්‍රෝල් කර ගැනීමෙන් වලකින්න.
ඊමේල් ගිනුම සඳහා Security Questions ලබා දීමේදි එය කිසිවෙකුටත් අනුමාන කිරිමට නෙහැකි ඔබ පමනක් දන්නා දෙයක් ලබා දෙන්න.
ෆේස්බුක් ගිනුම සඳහාද අනිවාර්යෙන්ම Security Questions ලබා දෙන්න. මෙය ඉතාම වැදගත්. මෙය පිලි නොපැද්දොත් ඔබව ඔබට නොදැනීම හැක් කිරිම සුලුදෙයක්.
චැට් කරන විට අනෙකාව කිසිම විටෙක ඕනවට වඩා විශ්වාස කරන්න එපා
.. ඔබ බලා පොරොත්තු වෙන කෙනා නොවෙන්න පුලුවන් එහා පැත්තෙ ඉන්නෙ. ඒ ගිනුම හැක් වී තියෙන්න පුලුවන්. ඔය වගේ හැක් උන ප්‍රොෆයිල් වලින් ඇවිල්ලා මගේ යාළුවන් පවා හැක් වෙච්ච අවස්තා තියෙනවා. කෙල්ලෙක් ලින්ක් එකක් චැට් එකේදි දුන්නම අපේ එවුන් පිස්සු බල්ලො වගේ හොයන්නෙ බලන්නෙ නැතිව ක්ලික් කරලා ලොග් වෙනවා. අනේ ඉතින් දෙයියන්ගෙම පිහිටයි.
ෆේස්බුක් වල තියෙන නොදන්නා ඇප්ලිකේශන් සඳහා Allow කර පර්මිශන් ලබා දීමෙන් වලකින්න. මෙයත් ඉතාම වැදගත්.
මිතුරන් ඇඩ් කර ගැනීමේදි සැලකිලි මත් වන්න. නොදන්නා පුද්ගලයන් හානි කර විය හැකියි. ඔවුන් ගැන සොයා බලා ඇඩ් කර ගැනීම සිදු කරන්න.


ෆේස්බුක් වල විවිද පුද්ගලයන් අපේ Wall එකට එක එක ලින්ක් දානවා. ඒ ලින්ක් වලට ගියාම ඒ පේජ් එකේ තියෙනවා කෝඩ් එකක්. ඒ කෝර්ඩ් එක කොපි කරලා ඔයාලගෙ වෙබ් බ්‍රව්සර් එකේ ඇඩ්ඩ්‍රස් බාර් එකට පෙස්ට් කරලා එන්ටර් කරන්න කියලා. කිසිම වෙලාවක මෙන්න මේ දේ නම් කරන්න යන්න එපා. මේකත් ඉතාම වැදගත්.
Barn Buddy ක්‍රෙඩිට් ලබා ගන්න කියලා විවිද පුද්ගයන් එවන ලින්ක් වලින් ගිහිල්ලා පාස්වර්ඩ් ඊමෙල් දීලා ලොග් වෙන්න එපා. අපේ එවුන් ලෝබ කමේ මේවා ගන්න ගිහිල්ලා හැක් වෙනවා. ඊට පස්සෙ හැක් කරපු එකා හැක් උන එකාගේ සත්තු උස්සනවා. මේක වෙන්නෙ මෙලෝ මගුලක් නොදන්න තන්හාව වැඩි අයට.
ෆේස්බුක්, ඊමේල් හැක් කරන්න පුලුවන් කියා එක එක අය දෙන සොෆ්ට්වෙයා බාවිතා කිරිමෙන් වලකින්න. මේකෙන් වෙන්නෙ ඔයාලාම හැක් වෙන එක. අනිත් එක තමයි මේ තුට්ටු දෙකේ සොෆ්ට්වෙයා එකකින් ෆේස්බුක්වත්, ජීමෙල්වත්, යාහුවත් හැක් කරන්න බෑ. උඹලාගේ එකවුන්ට් හැක් කර ගන්න ඕන නම් මේවා යූස් කරාට කමක් නෑ. යූ ටියුබ් එකේ මේවා වැහි වැහැලා. හැබැයි පාවිච්චි කරොත් හැක් වෙන්නෙ ඔයාලමයි.
තව දෙයක් කියන්න ඕන ඔයාලගේ ඊමේල් එකට එන තමන්ට අදාලත්වයක් නැති සැක සහිත ඊමේල් වලට රිප්ලයි දාන්න යන්න එපා. එවැනි ඊමේල් වල තියෙන ලින්ක් ක්ලික් කරන්න යන්න එපා.
තව දෙයක් තමයි මේ දිනවල ෆේස්බුක් එකේ වේගයෙන් පැතිර යනවා ටී ෂර්ට් දෙන කතාවක්. ඒ වගේ මෝඩ කතා වලට අහු වෙන්නෙ ඒ වගේම හරක් තමයි. ඔය වගේ ඒවාට ඔයාලා අහුවෙන්න එපා. අනිත් එක තව ෆේස්බුක් වෝල්පේපර් කතාවකුත් යනවා. ආහ් තව එකක් යනවා මේ ඔයාගෙ ප්‍රොෆයිල් එක බලපු ගාන පෙන්නන එකක්. මේකේ හැමෝටම එන්නෙ එකම රිසාල්ට් එක. ඔයාලාගේ වෝල් එකටත් මේ වගේ ලින්ක් ඇවිල්ලා ඇති. කිලික් කරන්න තියා හිතන්න වත් එපා.
මම මෙතන මේ දාලා තියෙන්නෙ අපේ ලංකාවෙ මහා හැකර්ලා කියලා හිතාගෙන ඉන්න චු කොල්ලො කරන පොඩි වැඩ ටිකක්. මීට වඩා සංකිර්න ක්‍රම තව තියෙනවා. ඒවා මේ අපේ හැකර් අයියලා නොදන්න නිසා එච්චර ගැටලුවක් නෑ.
මේවා හරියට පිලිපැද්දොත් ඔයාලව හැක් කරන්න ලංකාවෙ ඉන්න හැකර් බයියලට බෑ.

1 comment:

  1. රොහාන්ගේ බ්ලොග් අඩවිය: ලංකාවේ හැකර්ලට බෑ Facebook,Email හැක් කරන්න. >>>>> Download Now

    >>>>> Download Full

    රොහාන්ගේ බ්ලොග් අඩවිය: ලංකාවේ හැකර්ලට බෑ Facebook,Email හැක් කරන්න. >>>>> Download LINK

    >>>>> Download Now

    රොහාන්ගේ බ්ලොග් අඩවිය: ලංකාවේ හැකර්ලට බෑ Facebook,Email හැක් කරන්න. >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

කොමෙන්ටුවට බොහොම ස්තුතියි