Tuesday, September 4, 2012

ගින්දර වගේ ෆයිල් කොපි කරන්න.Tera Copy All Version





                 හොඳයි...අද මම ඔයාලට දෙන්න යන්නෙ හැමෝම දන්න කියන තවත් පොඩි බඩ්ඩක් ගැන.මොකක්ද මේ බඩ්ඩ...Tera Copy අලුත්ම එක....මේ මෘදුකාංගයේ  සංස්කරණ ගොඩක් මේ වෙනකොට ඇවිත් තියෙනවා...ඉතින් ඔයාලට ගැලපෙන එක තෝරගන්න පුලුවන්... ඒ කිව්වේ හිතට හරි යන එක...

                     ඉතින් මොකක්ද ඔච්චරටම මේකේ ඇති  වැදගත් කම...මොනවද දන්නවද.. ? ස්පීඩ් ලෙන්ත් එක වෙනස් කරන්න පුලුවන් එක තමයි මේකේ තියෙන ප්‍රධානම වැදගත්කම...අලුත් සංස්කරණ වල නම් මේ පහසුකම නෑ....ඒ උනාට ලෙන්ත් එක ස්වංක්‍රීයව වෙනස් වෙනව...ඉතිං මේ මෘදුකාංගය භාවිතා කරල ඔයාලට පුලුවන් copy past කරන එක ඉතාම වේගවත්ව හා කාර්යක්ෂමව කරගන්න...තව දෙයක් කියන්නම්...ඔයාල එක පාර සින්දු ගොඩක් කොපි කරනවා කියමුකෝ...එක සින්දුවක් ඩැමෙජ්.ඔයාලගෙ ඩිෆෝල්ට් කොපිය එතකොට මොනවද කරන්නේ....  Error එකක් දීලා සම්පූර්ණම කොපි කරන එක නවතවනවා....මේ මෘදුකාංගය භාවිතා කිරීමෙන් ඔයාලට එහෙම කරදර වලට මුහුන දෙන්න වෙන්නෙ නෑ...ඩැමෙජ් එක ස්කිප් කරලා අනිත් ටික කොපි කරගැනීමේ හැකියාව මේ මෘදුකාංගයට තියෙනවා...

                  වැදගත්ම කාරණය තමයි ගින්දර වේගෙන් කොපි කරගැනීමේ හැකියාව....ඔයාලගේ පරිගණකයේ ඇති Bus ස්පීඩ් එක තමා ඔයාලගේ පරිඝණකයේ කොපි පේස්ට් ස්පීඩ් එක තීරණය කරන්නේ...ඉතින් මේ බඩ්ඩ මගින් ඔයාලගේ කොපි පේස්ට් ස්පීඩ් එක තරමක් දුරට වැඩි කරල දෙනවා...ඉතිං මම නම් තවම අලුත් සංස්කරණ වලට යොමු වෙලා නෑ...

   තවම පාවිච්චි කරන්නේ 1 . 2 සංස්කරණය...මොකද ඒක ගොඩක් සරලයි....

     ඒක බාගන්න මෙතන ක්ලික් කරන්න..


                                          http://www.filehippo.com/download_teracopy/5014/ 

   අලුත් සංස්කරණ ගන්න මෙතන ක්ලික් කරන්න....


                                               http://www.filehippo.com/download_teracopy/

                       


      මම වගකීමෙන් කියනවා ඔය අලුත් සංස්කරණ වලට වඩා 1 . 2 version එක හොඳයි කියලා...ඉතින් බාගෙන ස්ථාපනය කරගෙනම බලන්නකෝ....

Read More

Sunday, September 2, 2012

මධුර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය



                                  ඇත්තටම කිව්වොත් මම මේ බ්ලොග් එක හැදුවේ පරිගණක පිලිබඳ ගොඩක් ප්‍රාථමික මට්ටමෙන ඉන්න අපෙ යාලුවෝ වෙනුවෙන්..මොකද ගොඩක් අය,ඒ කිව්වෙ අපෙ ගොඩක් යාලුවො ඉන්නව පරිගණක,මෘදුකාංග පිලිබඳ දැනුම අඩු අය...ඉතින් ඔයාල දන්නවනේ...දැන් තියෙන අඩවි වලට ගියාම ඉතින් නොතේරෙන වැල්වටාරම් අනන්තවත්....ඉතාම සංකීර්ණයි.එහෙම උනාම අපෙ යාලුවො ගොඩක් අතරමං වෙනව..

                                          ඉතින් හැමදාමත් මං ඉන්නව ඔයාල වෙනුවෙන් අපේ පොඩි නංගිල මල්ලිලා නොදන්න දේවල්,එතකොට පොඩි පොඩි අපිට එදිනෙදා පරිගණක භාවිතයේදී නිරන්තරයෙන්ම උවමනා වෙන විවිධ මෘදුකාංග ඉතාම පහසුවෙන් ඔයාලට බාගන්න පුලුවන් විදියට සලසල දෙන්න.ඉතිං මං මේ දෙන්න යන්නේ ගොඩක් වැදගත් මෘදුකාංගයක් වෙන මධුර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂයයි.කිව්ව ගමන් ඔයාල දන්නවනේ...බාගන්න ගියාමත් තැන තැන හොයන්න වෙනවනේ...එතකොට ඉතිං කරදරයි...මේ ගැන අලුතෙන්  කියාදෙන්න දෙයක් නෑ නේ...ඉංග්‍රීසි වචනෙ සිංහලෙනුත් සිංහල වචනෙ ඉංග්‍රීසියෙනුත් ඔයාලට පරිවර්තනය කරල දෙන මේ මෘදුකාංගය අපේ පුංචි නංගිල මල්ලිලට ගොඩක් වැදගත්...එයාලට විතරක් නෙමේ..හැමෝටම...

            ඉතිං මේ ලින්ක් එකෙන් ගිහින් බාගන්න.Download now කියන කොලපාට බට්න් එක ඔබන්න....      
 http://download.cnet.com/Madura-English-Sinhala-Dictionary/3000-2279_4-10571464.html

           
    මේ මෘදුකාංගය ඔයාලගෙ පරිගණකයට ස්ථාපනය කරගත්තට පස්සෙ පලමු වර පරිවර්තනයේ දී ඔයාල නොදන්න අකුරු වලින් තේරුම එයි...මෙන්න මේ වගේ-------------------------------------------------->>

 කියන්නේ මධුර font එක ඔයාලගෙ පරිගණකයෙ ස්ථාපනය කරල නෑ කියල.






එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මධුර close කරල ආයෙත් open කරගන්න එකයි...දැන් වචනයක් type කරල බලන්න..




               
                              වැඩේ හරි නේද.. ?

                                                               එහෙනං ඔන්න මං ගියා...
         
Read More

Thursday, August 30, 2012

Avast Home Edition 7.0.1474.0 වයිරස් අල්ලන්න සුපිරි භාන්ඩේ


වයිරස් අල්ලන්න සුපිරි භාන්ඩේ



අද මම ඔයාලට දෙන්න යන්නෙ ඔයාලගෙ  කොම්පීතරේට වැදගත් වෙන ඒ කිව්වේ ගොඩාක්ම වැදගත් වෙන සොෆ්ට්වෙයාර් එකක්.මොකක්ද මේ වැදගත් මෘදුකාංගය.මේක තමයි Avast වල නවතම සංස්කරණය.ඔයාලගෙ පරිගණකය වයිරස් වලින් ආරක්ෂා කරගන්න ඉතින් ඔයාල වයිරස් ගාර්ඩ් දානවනේ....ඉතින් ඔය කියන වයිරස් ගාර්ඩ් වලින් ඇත්තටම ඔයාලගේ පරිගණකය ආරක්ෂිතද.. ?විශ්වාස නෑ නේද.. ?ඉතින් ඔයාලට අලුතෙන් අවාස්ට් ගැන කියන්න දෙයක් නෑ නේ....

දැනට තියෙන සුපිරිම වයිරස් ගාර්ඩ් එකක් කිව්වොත් මම නිවැරදියි...ගොඩ දෙනෙක් කියනවා වයිරස් ගාර්ඩ් එකක් දැම්මම පී.සී එක ස්ලොව් වෙනවලු.ඇත්තටම එහෙම වෙන්නේ නෑ කියන්නත් බෑ...මොකද වයිරස් ගාර්ඩ් එක රන් වෙන්න යම් බලයක් පී/සී එකෙන් යොදවන්න ඕනා...නැතුව වයිරස් ගාර්ඩ් එක රන් වෙන්න නෑ...ඇත්තටම කිව්වොත් ගාර්ඩ් එක රන් වෙනකොට මෙමරි යූසේජ් එක 35,000kb වගෙ ගන්නවා..ඒක එච්චර ලොකු බලපෑමක් නෙවේ.....

ඉතින් මන් කියන්න යන්නෙ අනිත් වයිරස් ගාර්ඩ් වලට වඩා ආරක්ෂාකාරී.,වේගවත්,100%ක් විශ්වාසවන්ත වයිරස් වලට කිසිම ඉඩක් නැති,හොදම ගාර්ඩ් එක තමා AVAST.එහෙම කිව්වොත් මම නිවැරදියි.මොකද අපේ පරිගණකයට වයිරසයක් ඇතුල් වෙන්න හැදුව ගමන් මෙයා ස්වංක්‍රීයව ඒ වයිරසය මකා දමනවා...දුරකතන වලින්,මේමරි චිප් වලින්,පෙන් ඩ්‍රයිව් වලින් එන ඕනෑම වයිරසයක් වගේම ඔයලා අන්තර්ජාල භාවිතයේදී ද පරිගණකය ඉතාමත් ආරක්ෂිත බව වගේම ස්වයංක්‍රීය ක්‍රියාත්මක බව නිසා ඔයාලටත් ලේසියි...ඉති වැඩි කතා ඕනේ නෑ නේ....

මෙන්න එහෙනම් මේ ලින්ක් එකෙන් ගිහින් බාගන්න.

                                  http://www.filehippo.com/download_avast_antivirus/

 මෙන්න key එක.register ගිහින් enter the licence  කියන තැනට දෙන්න.


                                                 C08998884R9900N5999-SS7CTHUM

ඉතිං එච්චරයි.දැන් වයිරස් වලට බය වෙන්න එපා...

Read More

Wednesday, August 29, 2012

මම ගැන පොඩ්ඩක්

                               
                   

              මම මේ අලුතින් පටන්ගත්ත විතරයි...තවම වැඩිය මොකුත් දන්නෙ නෑ ඉතින් මේ ඉස්සව්ව ගැන....ඉස්සරහට හොද හොද ලිපි දාන්න තමයි කල්පනාව...මුලින්ම මම ගැන කියන්නම්කො..

           මගේ නම රොහාන් නිලන්ත..එකදාස් නමසිය අනූ දෙකේ තම මං ඉපදුනේ...ඒ කියන්නේ දැන් පට්ට නාකියි...අවුරුදු 91ක් නේ...හා හා පුරා කියලා මං මුලින්ම ගියේ කිරිමැටියාන බෞද්ධ බාලිකාවට...හෑ...ආ මොකක්ද ඒ හරුපෙ..ආ නෑ නෑ මන් යනකොට ඒක මිශ්‍ර පාසලක්..මේ ලගදි තමයි ගර්ල්ස් ඔන්ලි කලේ....එතකොට ඒක කිරිමැටියාන කනිටු විදුහල..ඉතින් ඕකේ නපුරු මිස් කෙනෙක්ට බයවෙලා තමයි අල්ලපු ඉස්කෝලෙට පැන්නෙ..ඒක නමින් ශ්‍රි ධර්මාරම මහා විදුහල..කොහොමින් කොහොමින් හරි අවුරුදු  8ක් උන්නේ එකේ තමයි...2008 පෙදාන සිස්ස නායක පට්ටමත් ගත්තා.....(කරපු බලු වැඩ දන්නව නම් ඉස්කොලෙන් පන්නනවා).....ඕ ලෙවල් කරල යන්තන් ඒලෙවල් කරන්න පුලුවන් වෙන්න පාස් වෙල ගියේ ධම්මිස්සර ජාතික පාසලට..කටු කාල අවුරුදු
Read More

Sunday, August 12, 2012

ලංකාවේ පොලිසිය







ලෝකය පුරා විවිධ රටවල පොලිසි එක්තරා ස්තානයකට කැදවා ඔවුගේ දස්කම් විමසා බැලීමක් කෙරුවලු ඔන්න ඈ...ඉතින් ඕකට රටවල් කීපයක පොලිස් කන්ඩායම් සහභාගි උනාලු ඈ....ඔන්න ඉතින් ලංකාවෙ පොලිසියත් මේ තරගෙට ඉදිරිපත් උනාලු ඈ....ඉතින් මට පාන්ද.. ?

  නෑ නෑ ඉතින් ඔන්න තරගයේ අභියොගය උනේ එක්තරා කැලෑවක් තෝරගෙන ඒ කෑලෑව අතුලට හාවෙක් නිදහස් කරල ඒ හාවව  මුලින්ම හොයාගන්න එකයි ඈ.....


මුලින්ම කැලෑවට රින්ගපු එංගලන්තයේ පොලිස් කන්ඩායම දීර්ඝ වශයෙන් පරීක්ෂණ ගොඩක් කරල කරල ඉවරවෙලා ගස් වැල් වලින් කට උත්තරත් අරගෙන අන්තිමෙදී හාවා හොයාගන්න බැරි වෙන විදියට අතුරුදහන්ව් වෙලාලු ඈ....

ඉතින් දෙවැනි තරඟ කරුව විදියට  ඇමෙරිකානු පොලිසිය ඉදිරිපත් උනාලු ඈ....ඉතින් ඒ කන්ඩායම කිසි අහිල්ලක් බැලිල්ලක් නැතුවම මුලු කැලෑව පුරාවටම බෝම්බ දැම්මලු ඈ....බෝම්බ දැම්මට පස්සෙ ඇමෙරිකානු පොලිසිය කිව්වෙ දැන් හාවාගෙන් කිසිම තර්ජනයක් ඇති වෙන්නෙ නැති බවයිලු ඈ.......

       තුන් වෙනි වරට කැලෑවට වැදීමෙ වාසනාව උදා කරගත්තේ ලංකාවෙ පොලිසියලු ඈ.....කැලෑව තුල පරීක්ෂණ ගොඩක් කරපු ලංකාවේ පොලිසිය එලියට ආවේ තඩි වලහෙකුත් උස්සගෙනලු ඈ....උට හොඳටම ගහලත් එක්කලු...ඉතින් වලහ අඬනවලු.

  හොඳ හැටි ගුටිකාපු හන්ද අඬ අඬ උන්නු වලහ කැලෑවෙන් එලියට ආවෙ මෙහෙම කියාගෙනලු...

          ."අනේ ගහන්ඩ එපා රාලහාමි...හරි හරි මං කියන්නං මන් කියන්නං... මං තමයි හාවා...."

 
Read More

Friday, August 10, 2012

Internet Download Manager V6.7



මෙන්න මම ඔයාලට අලුත්ම Internet Download Manager V6.7 මෘදුකාංගය අරගෙන අවා .(Crack එක සහිතයි) ගොඩක් දෙනක් දැන් Internet Download Manager මෘදුකාංගය භාවිතා කරන නිසා. මේක ගොඩක් වැදගත් වෙයි ඔයාලට,  Internet Download Manager අලුත් සංස්කරණයේ පරන සංස්කරණ වලට වඩා වෙනස් කම් කිහිපයක්ම IDM සමාගම සිදු කරලා තියෙනවා, එවා බලන්න ඉතින් මෙක බාගෙන install කරලා බලන්න :D , ඉතින් ඔයාලටත් මේක බාගන්න ඔනේ නම් කැමති හැමොම පහල ලින්ක් එකෙන් බාගන්න..


මෙතනින් බාගන්න

http://www.mediafire.com/?r03hnygspsjj633


සුභ මෙව්ව එකක්
    
Read More

Wednesday, August 8, 2012

skype 5.0 නොමිලේ ගන්න


   


ඔන්න කට්ටියට අද මම දෙන්නෙ අපි හැමෝම හොදටම දන්න Skype වල setup එක කට්ටියට ලොකු අවුලක් වෙන්නෙ මේක බාගන්න ගියහම අහන ප්‍රශ්නනේ.ඔන්න දැන් ඒවා ඉවරයි.ලේසියෙන්ම ඔයාලට අරගන්න පුලුවන් වෙන්න තමා මේ ලිපිය දැම්මෙ...නොමිලේම බාගන්නකො එහෙනම්....

මෙතනින් බාගන්න

     http://www.mediafire.com/?8hftstzvtxwr1xc


ගිහින් එන්නම්.........
Read More

ලේසියෙන්ම chrome දාගන්න

                                           

අනේ මන්ද ඉතින්.....දෙන්න යන්නෙ මගෙ පලවෙනි සොෆ්ට්වෙයාර් එක...අරගෙනම බලන්නකෝ.. ඔබට වැදගත් යැයි හැගෙන,ඔබගේ වැඩ කටයුතු පහසු කරන සොෆ්ට්වෙයර් එකක් පිලිබද කියා දෙමි.(ශ්‍රාස්ත්‍රිය වැඩිද මන්දා)කමක් නැ.ඔන්න එහෙනම් මම අද ඔයාලට දෙන්න යන්නෙ Google Chrome Offline Installer එක.අපි ඉත් හදිස්සියේවත් PC එක Format වත් කලොත් Chrome දා ගන්න කන කට්ට අමුතුවෙන් කියන්න ඕනෙ නැනෙ. ..

ඔන්ලයින් ගිහිල්ල,Install වෙන්න දාල පැය භාගයක් විතර උඩ බලාගෙන ඉන්නවා.ඔන්න ඉතින් ඒ කාලයට  සමුදෙන්න කාලය හරි.මම පල්ලෙහයින් දීල ඇති ලින්ක් එකක් එතනට ගිහින් මේක බාගන්න(කට්ටියට ඉතින් File Server එකෙන් බාගන්න විදිහ අමුතුවෙන් කියන්න ඕනෙ නැනෙ.)ආයෙ ඉතින් chrome install කරගන්න කට්ට කන්න ඕනෙ නැනේ.හරි ඔන්න එහෙනම් ඒ ලිපිය ඉවරයි.


මෙතනින් බාගන්න...


ඉස්සරහට හොද මෘදුකාංග දෙන්නම්කො ඔයාලට...

Read More

Wednesday, July 25, 2012

ජාතිවාදය ගැන මගේ අදහස



                              ත්‍රස්තවාදය යලිත් පන ලබමින් පවති...සිංහල මිනිස්සුන්ව මරන්නෙ දෙමල මිනිස්සු නෙවේ...මුස්ලිම් මිනිස්සු නෙවේ...ත්‍රස්තවාදියො....ආගමික නයකයින්ව මරන්නෙ මුස්ලිම් මිනිස්සු වත් දෙමල මිනිස්සු වත් නෙමේ...ත්‍රස්තවාදියො....විවිධ සංවිධාන මගින් ශ්‍රි ලංකාවේ ජාතික සමගිය බිද දමා,යලි රට තුල යුද්දයක් ඇති කිරීමට උත්සාහ ගනි..කිසිත් නොදත් ජනතාව පොලු මුගුරු අරන් යලි යුදමය වාතාවරණයක් ඇති කිරීමට පෙලබෙන්නේ නොදැනුවත්වමය...බැට කන්නේ අහිංසක ජනතාවය...

Read More

ටූ හන්ඩ්‍රඩ් රුපීස් සර්

අනේ මන්ද ඉතින්.....   ලියන්න යන්නේ නම් 2 වෙනි පොස්ට් එක...ෆේස්බුක් යාලුවන්ගේ බලවත් ඉල්ලීම හා බවලත් ඉලීම පිට නිකන් ඉන්න බැරි හන්ද ඔන්න ලියන්න පටන් ගත්ත ඕං....


                 ඉතින් කල්පනා කොරං යනකොට මතක් උනා අපේ ගෙවල් ලග ඉන්න මාම කෙනෙක්ට උනු පොඩි වැඩක්...මිනිහ හරිම හොද මනුස්සය...කුනුහරුපයක් නම් මේ වෙනකල් ඇහිල නෑ මට...ඉතින් අංකල් කාරය රස්සාව විදියට කලේ 3වීල් එකක් හයර් කරන එක...3වීල් එකත් එසේ මෙසේ
Read More